පින්නවලින් අලි දෙන්නෙක් පනී. ආපසු කැඳවාගෙන එන්න ප්‍රභාකරන්ගේ මැණිකාත් එයි!

July 28, 2020 at 5:33 PM

පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටි අලින් දෙදෙනෙක් අද (28) හදිසියේ ඉන් පිටතට පැමිණ තිබේ.

ඒ අලි අනාථාගාරය තුළ දී ඇති වූ ගැටුමකින් පසුවයි

කිලෝමීටර් එක හමාරක් පමණ දුරකින් සිටිය දී “රංගිරි“ නැමති වයස අවුරුදු 25ක් වු අලියා සොයා ගෙන ඇත.

අනෙක් අලියා අනාථාගාරය අසළ දීම අල්ලා ගෙන තිබේ.

හිරිවඬුන්න ප්‍රදේශයේ කෙසෙල් වගාවකට හානි කරමින් සිටිය දී “රංගිරි“ ව පින්නවල අලි අනාථාගාර නිලධාරීන් විසින් සොයා ගෙන නිර්වින්දනය කර ඇත.

නමුත් අලියා ගෙන යෑමට අපහසු බැවින් පසුව
“මැණිකා“ නැමති කෙනෙර එම ස්ථානයට ගෙන්වා “රංගිරි“ ව අලි අනාථාගාරයට රැගෙන ගොස් තිබේ.

මැණිකා එල් ටී ටී ඊ නායක ප්‍රභාකරන්ගේ ලඟ සිටි කෙණෙරකි.