රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ලිහිල් කරයි

July 28, 2020 at 7:55 AM

ඉකුත් 12 වනදා සිට සංචරණ සීමා කිරිමට ලක්ව තිබු රාජාංගනය ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා අද සිට ඉවත් කළ බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව සිරිමාපුර, යාය 01හි කොටසක්, යාය 2 යන ප්‍රදේශවල මෙලෙස සංචරණ සීමා ඉවත් කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ. අදාළ ප්‍රදේශවල පුද්ගල නිරෝධායන කාල සීමාවලන් ඉකුත් වීමත්, සංචරණ සීමා පනවා තිබු කාලය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් යනාදී කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරින් එම ප්‍රදේශවලට පනවා තිබු සංචරණ සීමාවන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් තවදුරටත් පුද්ගල නිරෝධායන කාල සීමාව නොඉක්මවා ඇති යාය 3,4,5 සහ 6 යන ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් රෝගීන් වාර්තා නොවුහොත් ඉදිරි දින කිහිපය තුල එම ප්‍රදේශවල ද සංචරණ සීමා ඉවත් කිරිමට හැකි වනු ඇති බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.