මැලේසියාවේ හිටපු අගමැතිට 12 වසරක සිර දඬුවමක්

July 28, 2020 at 6:48 PM

මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් එල්ලවූ දූෂණ චෝදනාවලට වැරදිකරු වී තිබෙනවා. ඒ අනුව ඔහුට වසර 12ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඩොලර් මිලියන ගණනක දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ක්‍රියාත්මත වන නඩු විභාගයකදී මෙම තීන්දුව අද ලබා දෙනු ලැබුවා.

සාපරාධී විශ්වාසය කඩකිරීම, මුදල් විශුද්ධිකරණය හා බලය අයුතු ලෙස යෙදීම යන චෝදනාවලට තමන් වැරදිකරු නොවන බවයි මැලේසියාවේ හිටපු අගමැතිවරයා සඳහන් කළේ.

2009 සිට 2018 දක්වා බලයේ සිටි නජීබ් රසාක්ට එරෙහි මෙම නඩුව සැලකුණේ මැලේසියාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල පරීක්ෂාවකට ලක් කිරීමක් ලෙසයි.

නඩු තීන්දුව ලැබීමට පෙර මැලේසියානු හිටපු අගමැතිවරයා සඳහන් කළේ තමන් වැරදිකරු වුවහොත් ඊට එරෙහිව අභියාචනය කරන බවයි.