කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න : නාමල් උසාවි යයි

July 28, 2020 at 11:44 AM

කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජිව නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න විසිනි.

මෙම ගොඩනැගිල්ල පෞරාණික ස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලිඛිතව සඳහන් කර ඇති බවත් එවැනි ස්ථානයක් අනවසරයෙන් කඩා විනාශ කිරිමට එරෙහිව කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක විය යුතු බව පෙත්සම්කරු සඳහන් කර සිටියි.