කඳුළු ගෑස් ප්‍රහාරය සහ තානාපති නිලධාරින් ප්‍රාණ ඇපයට ගැනීම ගැන තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

July 28, 2020 at 2:41 PM

ලංකික විදෙස් ශ්‍රමිකයින් සහ ජෝර්දාන පොලිසිය අතර ගැටුමක් ඇතිවීමට මුල් වූ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධ සිදුවීම පිලිබඳව ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැහැදිලි කිරිමක් සිදුකර තිබෙනවා.

ජෝර්දානයේ, කරක් හි පිහිටි කර්මාන්ත ශාලාවක සේවය කරන ලාංකික ශ්‍රමිකයින් පිරිසක් බැලීමට ගිය අවස්ථාවේදී එම පිරිස් විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින්ව ප්‍රාණ ඇපයට තබා ගත් බවයි.

එලෙස තානාපති නිලධාරින් ප්‍රාණ ඇපයට තබා ගත් ශ්‍රමිකයින් වහාම තමන්ව ශ්‍රී ලංකාවට රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලකොට ඇති බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස ශ්‍රමිකයින් විසින් ප්‍රාණ ඇපයට තබා ගෙන සිටියි තානාපති කාර්යාල සේවකයින්ව බේරා ගැනීම සඳහා පොලිසියෙන් ඉල්ලීමක් කළ බවයි ජෝර්දාන් තානාපති කාර්යාලය දැනුම් දී සිටියේ.

ඒ අනුව රැස්ව සිටි ශ්‍රමිකයින් විසුරුවා හැරිමට ජෝර්දාන පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට ඇත.

ජෝර්දාන පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී ලාංකික ශ්‍රමිකයින් 500 දෙනෙකු එම ස්ථානයේ සිට තිබෙනවා.