කඩා දැමු ගොඩනැගිල්ලට අදාළ සියලු ලිපිගොනු අධිකරණයට භාර දෙන්න : අධිකරණයෙන් කුරුණෑගල නගරාධිපතිට දුන් නියෝගය

July 28, 2020 at 5:27 PM

විනාශ කර ඇති කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන අධිකරණයට බාර දෙන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල නගර සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ ලිපිගොනු සහ කමිටු රැස්වීම් සටහන් අධිකරණය වෙත ලබාදෙන්නැයි කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝගයක් ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.