ගංජා නීතිගත කළ යුතුද ? සමගි ජන බලවේගයට ප්‍රශ්ණයක් (VIDEO)

July 27, 2020 at 1:33 PM

මෙරට ගංජා භාවිතය නීතිගත කළ යුතු බවට දැන් බොහෝ කලක පටන් කතිකාවතක් මතුව තිබෙනවා. පසුගියදා පැවති දේශපාලන ප්‍රශ්න ඇසීමේ වැඩසටහනකදී ගංජා භාවිතය මෙරට නීතිගත කළ යුතුද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අසනු ලැබුවා. ඒ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගෙනි.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සිටින ජනතාව සෑම විටම සීමාව ඉක්මවා ක්‍රියා කිරීමට යාමෙන් එවැනි දෙයක් සිදුකිරීමට ඕනෑම රජයක් පසුබට වන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” කැනඩාව, ස්වීඩනය වැනි රටවල ගංජා කියන දෙය නීතිගත කරලා තිබෙනවා. නමුත් අපේ රටේ සීමාව ඉක්මවා කටයුතු කිරීම නිසා ගැටළුවක් වෙලා තියෙනවා. මුල්ලේරියාවේ පිහිටි මානසික රෝහලේ ප්‍රතිකාර ලබන පිරිසෙන් වැඩි දෙනෙකු ගංජා අධි මාත්‍රාවෙන් යුතුව භාවිතා කිරීම නිසා මානසික ගැටළුවලට මුහුණදී සිටින පිරිස් රැසක් සිටින බව තමන් එම රෝහලේ වැඩසටහනකට ගිය එක් අවස්ථාවකදී වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර සිටිය බවයි මෙහිදී හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.

ලංකාවේ ආයුර්වේද ඖෂධයක් ලෙස ගංජා යොදා ගන්නවා. තමන් වන සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී ආයුර්වේද වෛද්‍ය කටයුතු සඳහා ගංජා ලබා ගැනීමට තිබු අවශ්‍යතාවය වෙනුවෙන් එය නීතිමය වලංගු භාවයකින් යුතුව වගා කිරීම සඳහා ඉඩම් පවා ලබාදුන්නා. නමුත් අපේ ජනතාව සීමාව ඉක්මවා ක්‍රියා කිරීම නිසා ඕනෑම රජයක් මෙවැනි තීරණයක් ගැනීමට පසුබට වෙනවා.”