සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝවේ සුලමුල හෙළිවෙයි (VIDEO)

July 27, 2020 at 9:41 PM

නිට්ටඹුව – කලල්පිටිය අක්කර 30ක පමණ ඉඩමකට, එම ඉඩම තමන්ගේ බව පවසමින් ඇතුළුවීමට ගිය පිරිසකට, එහි වසර ගණනාවක් තිස්සේ පදිංචිව සිටින පිරිසක් විරෝධය පළ කර තිබේ.

එහි අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට  සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

කොල්ලුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙම ඉඩම තෑගි ඔප්පුවකින් දැන් පදිංචි පිරිසට ලබාදී ඇතැයි වාර්තා වුවද එම ව්‍යාපාරිකයා මියයාමෙන් පසු ඔහුගේ ඥාතියෙකු තමන් මෙහි නියම අයිතිකරු බවට නීතිමය අයිතිවාසිකම් කියන බවද සඳහන් වේ.

මෙම විරෝධය පළ කරන විට නිට්ටඹුව පොලිසියේ නිලධාරීන්ද එහි සිටි අතර මහජන සාමය කඩ කළැයි ඉඩමේ දැන් පදිංචි පවුලේ පුතා සහ පියා අත්තනගල්ල උසාවියට ඉදිරිපත් කර ඊයේ (26) රාත්‍රීයේ රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි වාර්තා වේ.

🔺කොළඹ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයෙන් පසු දේපොළ අවුලක් නිසා උණුසුම් වූ නිට්ටඹුවේ පිරිසක්.. 📌 Read more: https://bit.ly/2DeVHxW#lka #News1st #landissues #Nittambuwa #propertyproblem

Posted by Newsfirst.lk on Monday, 27 July 2020