නිරෝධායනයේ සිටින පිරිස් සඳහා ජන්දය දැමීමේ විශේෂ වැඩසටහන අත්හිටුවයි

July 27, 2020 at 3:00 PM

නිරෝධනය වන පුද්ගලයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ජුලි 31 වැනිදා සූදානම් කළ ජංගම වැඩසටහන පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.

මතුවී තිබෙන යම් ගැටළු කිහිපයක් හේතුවෙන් එය එසේ සිදුකිරිමට නොහැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග පැවති සාකච්ජාවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.