තුර්කියේ ව්‍යාපාරික මහල් ගොඩනැගිල්ලක ගින්නක් (VIDEO)

July 27, 2020 at 9:35 PM

තුර්කියේ, අන්කාරා හි Cankaya දිස්ත්‍රික්කයේ පිහිටි VIA TOWER නම් ව්‍යාපාරික මධ්‍යස්ථානයේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. එරට වේලාවෙන් අද පස්වරු 2.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එම ගොඩනැගිල්ලේ සිටි මිනිසුන් ඉවතට ගැනීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගොඩනැගිල්ල ඉහළ සිට පහළට ගින්න ව්‍යාප්තවී ඇති අතර දැවෙන සුන්බුන් අසල මාර්ගවලට වැටෙන අයුරු දැකගත හැකිය.