තවත් කොරෝනා ආසාදිතයින් 22ක් හඳුනා ගැනේ

July 27, 2020 at 9:30 PM

අද දිනයේ මේ දක්වා කාලය තුළ නව්‍ය කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. අනෙක් ආසාදිතයින් 05 දෙනා කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්.

ඒ අනුව මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 2804 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 672 දෙදෙනෙකු පමණයි. ආසාදිතයින් 2121 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.