කොරෝනා නිසා රැකියා අහිමිවූ ලාංකිකයින්ට ජෝර්දානයේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් (VIDEO)

July 27, 2020 at 10:54 PM

කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට මීට ටික වේලාවකට පෙර එරට පොලසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විරෝධය පළ කිරීමයි.

ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් 500 ට ආසන්න පිරිසක් රඳවා සිටින ස්ථානයේදී එම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබේ.

ශ්‍රී ලාංකිකයින් පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වී මාස කිහිපයක් ගතව ඇතත් ආපසු මව්බිමට යාමට නොහැකි වී ඇති බවය.

ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

🔺ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්… 📌Read More : https://bit.ly/30SyvOd#lka #News1st #PRC #Covid19 #Jordan #Srilankans #Teargas

Posted by Newsfirst.lk on Monday, 27 July 2020