PHI නිලධාරින් හෙට වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙයි

July 23, 2020 at 5:13 PM

හෙට දිනයේදී පැය 24 ක සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීමේදී තමන්ට රාජකාරී සිදුකිරීමේ දී අවශ්‍ය නෛතිමය බලය ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය දින කිහිපය පුරාවට කොවිඩ් ඇතුළු බෝවන රෝග මර්ධන රාජකාරි වලින් ඉවත්ව සිටිනවා.

මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සිය සංගමය හෙට පෙරවරුවේ මාධ්‍ය සාකච්ජාවක් පවත්වා ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමට පියවර ගන්නා බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.