Mobile ඇප් ක්ෂණිකව  Download කරගන්න නවතම Find Apps widget පහසුකම හුවාවේ වෙතින් 

July 23, 2020 at 7:06 PM

තම පාරිභෝගිකයන්ට ලබාදෙන ඉහල තත්වයේ සේවාව තව දුරටත් ගුණාත්මක කිරීමේ අරමුණින් තම ජංගම දුරකථන සඳහා මේ වන විට “Find apps”  ලෙස නව widget පහසුකමක් එක් කිරීමට හූවාවේ සමාගම විසින් කටයුතු කර තිබෙනවා.මේ අනුව පරීශීලකයන්ට තමන්ට අවශ්‍ය ඇප්ස් ජංගම දුරකතනයේ Home Screen හි සිටම සෙවීමේ හැකියාව “Find apps” widget එක මඟින්  ලැබෙනවා.

Petal Search මඟින් බලගැන්වෙන මේ නවතම “Find apps” widget පහසුකමට පරිශීලකයාට අවශ්‍ය ඇප් සෙවුම් ලබාදීමට හැකියාව තිබෙන අතර එමඟින් පරිශීලකයාට උසස් අත්දැකීමක් ලැබෙන අතර මේ වන විට භාශා 40කින් රටවල් සහ භූ කලාප 45ක් ආවරණය වන අන්දමට ඉතා උසස් ආරක්ශාවක් ඇතිවන පරිදි “Find apps” widget පහසුකම නිමවී තිබෙනවා. මෙලෙස උසස් ආරක්ශාවක් සහ පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ශා කිරීමට privacy-by-design search engine තත්ව පාලනයන් අනුගමනය කර තිබීම අද්විතීයයි .

පහත පියවරයන් අනුගමනය කිරීමෙන් පරීශීලකයන්ට මෙම නව විජට් එක ජංගම දුරකථන වලට ඇතුලත් කර ගැනීමට හැකියි.ප්‍රථමයෙන්ම Huawei  App Gallery හරහා Petal Search ඇප් එක භාගත කරගත යුතුයි.පසුව Home Screen එකට ගොස් එහි ස්ක්‍රීන් එක ප්‍රෙස් කර සුලු වෙලාවක් තබාගෙන සිටීමෙන් හෝ ඇඟිලි දෙකකින් එක වර pinch කිරීම තුලින් අලුතින් widget එකතු කිරීමේ මෙනුවට පිවිස එම widget මෙනුවෙන් වමට හා දකුණට scroll කර Petal Search නම් widget එක ටච් කර ජංගම දුරකථනයේ Home Screen එක තුල සිටම ක්‍රියාත්මක කල හැකි  “Find apps” සෙවුම් බාර් එක පරිශීලකයන්ට ලබාගත හැකියි.

 

එමෙන්ම “Find apps” පහසුකම තුලින් පරිශීලකයෙක් ඇප් සෙවුමක් කල විට,

 

  • ප්‍රථමයෙන් එම ඇප් එක Huawei  App Gallery  යෙ තිබේ නම් එයින් සෘජුවම ලබාගත හැකියි

 

  • Huawei  App Gallery  හි නොමැති නම් එම ඇප් එකේ නිල වෙබ් අඩවියෙන් ලබාගැනීමට පරීශීලකයාට පහසුකම් ලැබේ.

 

  • එම ඇප් එකට නිල වෙබ් අඩවියක් නොමැති නම් ලොව ප්‍රකට ඇප් වෙලඳපලකින් එය බාගත කරගැනීමට පරිශීලකයාට පහසුකම් ලැබේ 

 

 

තවත් විශේෂ කාරණයක් ලෙස මේ වන විට Youtube හි Shortcut එකක් පරිශීලකයාගේ ජංගම දුරකථනයේ Homescreen එකට ලබාගැනීමේ පහසුකම දැකිය හැකියි.එම Shortcut එක ලබාගැනීමට Find apps widget  එක හරහා මුලින්ම Youtube App ලෙස සර්ච් කර පසුව එන සෙවුම් ප්‍රතිඵලයෙන් GO යන බොත්තම ක්ලික් කර ඊලඟට ජංගම දුරකථන තිරය පහල තිබෙන ADD බොත්තම ක්ලික් කල යුතුයි.එලෙස පියවර අනුගමනය කල විට පහල රූපයේ පරිදි Homescreen එකේ Youtube සඳහා Shortcut එකක් නිර්මාණය වේ.

යලිත් Find apps widget දෙසට අවධානය යොමු කලහොත් එම සේවාව තුලින් පරීශීලකයන් තමන්ට අවශ්‍ය ඇප් එක සඳහන් කල විට දැනට ලෝක ප්‍රසිද්ධ අන්තර්ජාල සෙවුම් පහසුකම ලබාදෙන ප්‍රධාන පෙලේ ආයතන සමඟ එකතුව හඳුන්වා දී ඇති Petal Search පහසුකම ඔස්සේ අදාල ඇප් එක බාගත විම සිදුවේ. එහිදී Find apps මඟින් පරීශීලකයා ඉල්ලුම් කල ඇප් එක ක්ෂණිකව Huawei  App Gallery හරහා ලබාදීම සිදුවේ.එ ආකාරයට Viber යන ඇප් එක බාගත කරගන්නා පියවරයන් පහත ඇති රුප වලින් දැක්වේ 

නමුත් පරීශීලකයා Find apps widget සේවාව හරහා ඉල්ලුම් කල ඇප් එක Huawei  App Gallery හි නොමැති නම් එම ඇප් එකේ නිල වෙබ් අඩවියෙන් එය බාගත වීම සිදුවේ.පහත දක්වා ඇත්තේ එ ආකාරයට ෆේස්බුක් ඇප් එක බාගත කරගන්නා ආකාරයයි.

 

එමෙන්ම පරීශීලකයා ඉල්ලුම් කල ඇප් එක Huawei  App Gallery  සහ නිල වෙබ් අඩවියකද නොමැති නම් ලෝකයේ ඇති විශාලතම ඇප් වෙලඳපලවල් වලින් එසැනින් සොයාදීමේ පහසුකම Petal Search හරහා හුවාවේ සමාගම තම පාරිභෝගිකයන්ට ලබාදී තිබෙනවා.පහතින් දක්වා ඇත්තේ දැනට පරිශීලකයන් අතර ජනප්‍රිය Whatsapp ඇප් එක හුවාවේ දුරකථන වලට බාගත කරගන්නා ආකාරයයි.

එමෙන්ම අවශ්‍ය ඇප් භාගත කරගැනීමට අමතරව Petal Search පහසුකම ඔස්සේ ඇප් ස්වයංක්‍රීයව නිර්දේශ කිරීම (App suggestions) ,ඇප් බාගත කිරීම් සහ නව updates කලමනාකරණය කිරීම සහ කාලගුණික තොරතුරු ලබාදීම, ප්‍රධාන ප්‍රවෘත්ති ලබාදීම,සජීවීව ක්‍රීඩා ප්‍රතිඵල සහ කාලසටහන් ලබාදීම, විඩීයෝ,පින්තූර සහ ගීත සර්ච් කිරීම සඳහාත් පරිශීලකයන්ට අවකාශ සලසා තිබෙනවා.

 

මේ ආකාරයට ඉතා සුවිශේෂී පහසුකම් තම පාරිභෝගිකයාට ලබාදීමට හූවාවේ සමාගම සිදුකර ඇති පරිශ්‍රමය නිසා මේ වන විට ලෝකයේ තෙවන විශාලතම ඇප් වෙලඳපල බවට Huawei  App Gallery පත්වී ඇති අතර තව දුරටත් එය වඩාත් වර්ධනය කර ලොව ප්‍රමුඛතම ඇප් වෙළඳපළ බවට  Huawei  App Gallery පත් කිරීමට හූවාවේ සමාගම කටයුතු කරමින් සිටියි.