විමල්ගේ මූණ මුද්දරේ : සමගි ජන බලවේගය CIDයට පැමිණිලි කරයි

July 23, 2020 at 12:58 PM

අමාත්‍ය විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගේ මුහුණ යොදාගනිමින් මුද්දරයක් ලෙස සකසා ලිපි තැපැල් කිරීම පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ වෙනුවෙන් හිටපු මන්ත්‍රීන් වන මුජිබුර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන හිටපු මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකරනු ලැබුවා.

පැමිණිල්ල භාර දෙමින් ඔවුන් කියා සිටින්නේ රාජ්‍ය සේවය පිණිසයි මුද්‍රාව යොදා ගනිමින් මුද්දරයක් ලෙස මුහුණ ද භාවිත කරමින් විමල් වීරවංශ අමාත්‍යවරයා රාජ්‍ය දේපොළ අවභාවිත කර ඇති බවයි.