හෝර්ටන්තැන්නට නිවසේ සුරතලා රැගෙන ගිය යුවලට අධිකරණයෙන් දඩ

July 23, 2020 at 3:25 PM

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට සුනඛයෙකු රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගන්නා ලද දෙදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (23) නියෝග කර සිටියා. මෙසේ දඩ නියමවුයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක්ටය.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි මොවුන් දෙදෙනා වනෝද්‍යානය ඇතුළත පිහිටි තෘණ භූමියක් තුළට නිවසේ ඇති කරනු ලබන සුනඛයෙකු රැගෙන ගොස් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර ප්‍රකාශ කර සිටියේ.

හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ඇතුළු නිලධාරීන් පිරිසක් වීසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.