යෝගට් කෝප්පයක් දෙන්නම් කියා 12 හැවිරිදි දැරියක් අපයෝජනය කරලා

July 23, 2020 at 11:36 AM

බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ සැකකරුවෙකු සහ ඊට අනුබල දුන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බව ඔක්කම්පිටිය පොලීසිය පවසයි.

අපයෝජනයට ලක්වූ දැරිය මෙම සැකකරුගේ ඥාති දියණියක් බවත් සැකකරුගේ බිරිඳ විසින් ඇයට යෝගට් එකක් ආහාරයට දී සිය නිවසට ගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

පසුව සැකකරු විසින් දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔක්කම්පිටිය පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරු සහ සිද්ධියට අනුබල දුන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

අපයෝජනයට ලක්වු දැරිය මාකසික රෝගී තත්ත්වයකින් ද පෙළෙන අයෙක් බව අප වාර්තාකරු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලේ ගතකර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඔක්කම්පිටිය පොලීසිය විසින් සිදුකරයි