ඔයාට අපේක්ෂකත්වය දුන්න නාම යෝජනා මණ්ඩලයේ බුරුවෙක් ඉදලා : බැසිල් රාජපක්ෂ දුන්නු අපුරු පිළිතුර

July 23, 2020 at 2:28 PM

තුනෙන් දෙකේ බලය ලැබුනත් නැතත් මෙරටේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව සහමුලින්ම විනාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර තම පක්ෂය යටතේ තරග වදිනු ලබන අපේක්ෂිකාවක් සම්බන්ධයෙන් ද බැසිල් රාජපක්ෂ මෙහිදී විශේෂ හෙළිදරව්වක් සිදුකර සිටියා.

” අපේ අපේක්ෂිකාවක් නාලා මට එවනවා වීඩියෝවක්. ඒකෙ එයා කියනවා අපේ සමහර අපේක්ෂකයෝ අස්සයෝ බූරුවෝ ඉන්නේ කියලා. මගෙන් ඇහුවා මේ හොදයිද සර් කියලා.

මම ඒ වීඩියෝවට පිළිතුරක් ලියලා යැව්වා. අපේ පක්ෂයේ අස්සයෝ බූරුවෝ නැති උනත් නාම යෝජනා මණ්ඩලයේ බුරුවෙක් ඉදලා ඔයාට අපේක්ෂකත්වය දීලා තියෙන්නේ කියලා” බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියා.

නාම යෝජනා මණ්ඩලයේ බූරුවෙක් හිටියාද? – බැසිල් අසයි

🔺නාම යෝජනා මණ්ඩලයේ බූරුවෙක් හිටියාද? 🔺ප්‍රකාශ නොකර ඉන්න එක තමයි පක්ෂයට කරන ලොකුම උදව්ව🔺හරියට වැඩ කරන්න, මහින්ද මහත්තයා වගේ මර්වින් සිල්වාට දුන්න සමාව දෙන්නේ නැහැ🔺ආයිත් පාරක් අත්හදා බලන්න බැහැ🔺තුනෙන් දෙක ආවත් නැතත් පාතාලය ඉවර කරනවා 🔺ගාල්ලෙන් හරි පරිස්සම් වෙලා එවන්න – බැසිල් රාජපක්ෂ #LKA #TS #BasilRajapaksa #Election2020 #SriLanka

Posted by Newsfirst.lk on Wednesday, 22 July 2020