මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි ඇතුළු 04ක් අත්අඩංගුවට ගන්නැයි නිතිපති උපදෙස්

July 22, 2020 at 2:23 PM

බන්ධනාගාර විෂමාචාරි ක්‍රියාවන්ට සම්බන්ධ බවට දැනට වැඩ තහනමකට ලක්ව සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිව අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට  ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටිනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් යටතේ මෙම පිරිසට එරෙහිව චෝදනා නගා ඇති බවයි වාර්තා වන්නේ.