නේවි කොවිඩ් පොකුර සම්පූර්ණයෙන්ම අවසන් !

July 21, 2020 at 7:04 AM

වැලිසර නාවික හමුදා කඳවුරේ පසුගිය මැයි මාසයේ සිට පැතිර ගිය කොවිඩ්19 ආසාදිත පොකුර අද සම්පූර්ණයෙන්ම අවසන් විය.

ඒ ආසාදිත නාවික හමුදාවේ සාමාජිකයින් 906 දෙදෙනාම සම්පූර්ණ සුවය ලැබීමත් සමගයි.

මෙරට කොවිඩ්19 ආසාදිත පොකුරු අතර නාවික හමුදාවේ පොකුර ඉතා විශාල වු අතර ඒ හෙතුවෙන් වැලිසර නාවික හමුදාවේ කඳවුර පවා වසා දැමිණ.

මේ වන විට එම කඳවුර යලි විවෘත කර තිබේ.
නාවික හමුදා පොකුරේ අවසන් ආසාදිතයින් තිදෙනා අද සුවය ලබා රෝහල් වලින් නික්ම ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කලේය.