සඳ ගමනට වසර 51යි. ඒ ගගනගාමීනුත් නිරෝධායනයට

July 21, 2020 at 7:22 AM

ලොව අභ්‍යාවකාශ ක්ෂෙත්‍රයේ පළමු සහ මෙතෙක් එකම සඳ ගමනට අදට වසර 51 ක් සපිරේ.

1969 ජුලි 21 දා එම වීර චාරිකාව ඇරඹුණු අතර ජූලි 24 දා නිමාවිය.

මේ මෙරට පුවත්පත් එම පුවත වාර්තා කළ අයුරුයි .

මේ නීල් ආම්ස්ට්‍රෝන් ,මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් යන ගගනගාමීන් සඳ ගමනට පෙරාතුව ගත් නිල සේයාරුව යි.

මේ ඔවුන් යලි පෘථිවිය කරා පැමිණි ආකාරයයි. සඳ ගමනින් පසු මෙම තිදෙනා සති තුනක කාලයක් නිරෝධායනය කෙරුණු බව සඳහන්.

මේ අභ්‍යාවකායේදී ඔවුන් දුටු පෘථිවියයි.