සඳුදා පෙරවරුවේ CID හමුවේ පෙනි ඉන්නැයි රිෂාඩ් බදුර්දීන්ට අධිකරණයෙන් නියෝග

July 21, 2020 at 4:56 PM

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ලබන 27 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට අදාලව සිදුකෙරෙන විමර්ශන වලට අදාලව හිටපු ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එම නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ඊයේ දිනයේදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුනත් ඔහු ඊයේ එහි නොපැමිණි බවයි වාර්තා වන්නේ.