නාවික හමුදාවේ අවසන් කොරෝනා රෝගියාත් සුවය ලබයි

July 21, 2020 at 9:22 AM

කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කදවුරේ සියළු සාමාජිකයින් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ, ප්‍රතිකාර ලැබූ අවසන් නිලධාරීන් තිදෙනාද සුවය ලැබීමත් සමගයි. ඒ අනුව වැලිසර නාවික හමුදා කදවුරෙන් වාර්තා වූ කොරෝනා පොකුර අවසන් වුණා.

එය සැලකෙන්නේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සහිත කොරෝනා පොකුර ලෙසයි. නාවික හමුදා සාමාජිකයින් ඇතුළු 906 දෙනෙකු මෙම කොරෝනා පොකුරට අයත් වුණා.