ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් 06ක් වාර්තා වෙයි

July 21, 2020 at 9:29 AM

කොවිඩ් 19 ආසාදිතයින් 06ක් අද (21) පෙ.ව. 6.00 වනවිට හඳුනාගැනීමට හැකි වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථනයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 561ක් වාර්තා වෙයි. ඒ ඊයේ දිනයේදී වාර්තා වූ රාජාංගණය ප්‍රදේශයේ රෝගියාත් සමගයි.

සෞදි අරාබියේ සිට පැමිණි තවත් පුද්ගලයින් 05 දෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරැ වූ අතර මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2730 දක්වා ඉහළ ගියා.

මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පිරිස 2041ක් වන අතර තවමත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 677ක් වනවා.

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 24,460ක් මේ වනවිට තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

මේ වනවිටත් ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 53ක පුද්ගලයන් 5819ක් නිරෝධයනය වී සිටියි.

දිවයින පුරා පී සී ආර් පරීක්ෂණ 1,39,591ක් මේ වනවිට සිදු කර ඇතැයි ද මධ්‍යස්ථනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.