ආරක්ෂක අමාත්‍යාංශයේ නවතම නිෂ්පාදනයවූ ” නිල් අවිය” (PHOTOS)

July 21, 2020 at 8:02 PM

තවත් සාර්ථක පර්යේෂණ ව්‍යාපෘතියක් සම්පූර්ණ කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (සීආර්ඩී) මෑතකදී ශ්‍රී ලංකා හමුදාවේ විශේෂ බලකායට ‘බ්ලූ තුවක්කු’ නිෂ්පාදන ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

මේ මගින් ගිනි අවිවල ජීවිත කාලය ඉහළ නංවන අතරම ඉහළ වටිනාකමක් ඇති සැබෑ ආයුධවලට සිදුවන හානිය අවම කර පුහුණුවන්නන්ගේ ආරක්ෂාව සහතික කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් බ්‍රව්නිං HP පිස්තෝල සහ HK තුවක්කු වලට අනුරූප අයුරින් මෙම ගිනි අවි නිෂ්පාදනය කොට ඇත.

ආයුධ හැසිරවීම සහ පුහුණු සැසි සඳහා ලෝකයේ වෘත්තීය සටන්කාමීන් විසින් “බ්ලූ තුවක්කු” දැඩි ලෙස භාවිතා කරනු ලබනවා.

බ්ලූ තුවක්කු ලබා ගත හැකි වූයේ ජාත්‍යන්තර වෙළඳපොලවල පමණක් වන අතර එය අධික මිලකින් යුක්ත බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.