මියන්මාර් දේශයේ සිට පැමිණ, සිය මංගල පෙරහර චාරිකාව වර්ණවත් කළ “පුලතිසිරාජා”

July 20, 2020 at 7:10 PM

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් පරිදි 2017 වසරේ මියන්මාර රජයෙන් ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කළ මේ හස්තියා දළදා මාලිගා ඇත් පන්තියේ අලුත්ම සාමාජිකයා වේ. අයිවන් බාසුන්නැහේ පුලතිසිරාජාව රැක බලා ගන්නා අතර, මීට පෙර පිටිසර පෙරහරවල ගමන් ගෙන තිබුනද දළදා මාලිගාවේ පෙරහැරකට මේ වනතෙක්ම සහභාගී නොවීය. නිසි පුරුදු පුහුණු වලින් අනතුරුව දළදා මාලිගාවේ පෙරහරක ගමන් ගන්න පුලතිසි රාජාට අද භාග්‍ය හිමි විය. ඒ අනුව කෝඩුකාර අපේ ඇත්ගාලේ පුලතිසි කුමරු කප රැගෙන එන පෙරහරේ ප්‍රමුඛයා ලෙස අද (20) ගමන් ගත්තා.