වන අලි පහරින් අවසන් ගමන් ගිය සරසවි කථිකාචාර්යවරිය

July 20, 2020 at 4:28 PM

වන අලියෙකු පහරදීම නිසා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (20) දහවල් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චි මණ්ඩපයේ තාක්ෂණ අංශයේ සේවය කරනු ලබන කථිකාචාර්යවරියක්.

ඇය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර මේ වන විට 32 හැවිරිදි වියේ පසුවුවා.

එම කථිකාචාර්යවරිය තවත් තමන් සමග සේවය කරන අයෙක්  සමග අසල විහාරස්ථානයක බුදුන් වැදීමට ගොස් ආපසු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් වෙත යමින් සිටියදී මහා මාර්ගයේ සිටි වන අලියා ඇයට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.