පැය 03ක් තුලදී මිනුවන්ගොඩට මිලිමීටර් 109ක වර්ශාපතනයක්

July 20, 2020 at 1:19 PM

අද (20) පෙරවරු 8.30 සිට 11.30 දක්වා වූ පැය 03 ක කාලය තුලදී වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. එය මිලීමිටර් 109 ක අගයක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මිට අමතරව ගාල්ල, හෑගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 82ක්, මැනික්කන්ද මිලිමීටර් 78.5ක් සහ යක්කලමුල්ල මිලිමීටර් 74.5 ක් ලෙස වර්ෂා පතනයක් වාර්තා වී තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුල තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 වැඩි තද වර්ශාපතනයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර සිටින්නේ.