නිරෝධායනය නොවන දේශපාලඥයින් තිදෙනෙක් ගැන හෙළිවෙයි

July 20, 2020 at 5:29 PM

රාජාංගණය ප්‍රදේශයේදී පසුගියදා කොරෝනා ආසාදිත කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සහභාගිවූ අවමංගල්‍ය උත්සවයට පැමිණි දේශපාලඥයින් සිව්දෙනාගෙන්ම තිදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් නොවී මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් හෙළිදරව්වක්…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් හෙළිදරව්වක්… Watch more: https://youtu.be/qqngheuKULA#lka #News1st #SLPHIUnion #President #UpulRohana #Coronavirus #Covid19 #COVID19SL #PRC

Posted by Newsfirst.lk on Monday, 20 July 2020