එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලාපොරොත්තුව ජපානයෙන් උඩට ගිය හැටි (VIDEO)

July 20, 2020 at 9:47 AM

ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ වුවද අඟහරු ගවේෂණ මෙහෙයුමක් ඇරඹීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ අභ්‍යවකාශය තරණය කිරිමේ පළමු මැද පෙරදිග රට බවට පත්වෙමින්.

“Hope” හෙවත් බලාපොරොත්තුව නමින් නම් කර තිබු මෙම චන්ද්‍රිකාව ජපානයේ සිට ඊයේ දිනයේදී අභ්‍යවකාශ ගත කෙරුණේ ඉන් පෙර අවස්ථා දෙකකදී ඇතිවූ අයහපත් කාලගුණය නිසා ඇතිවූ බාධාවන් මධ්‍යයේ වීමද විශේෂත්වයක්.

මෙම චන්ද්‍රිකාව 2021 වර්ෂයේ පෙබරවාරි මාසය වන විට අඟහරු ග්‍රහයා ආසන්නයට යාමට බලාපොරොත්තු වන අතර ලබන වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වසර 50ක් සම්පුර්ණ වීමද විශේෂත්වයක් වනවා.

VIDEO:

http://<iframe allowfullscreen frameborder=”0″ width=”698″ height=”573″ scrolling=”no” id=”molvideoplayer” title=”MailOnline Embed Player” src=”https://www.dailymail.co.uk/embed/video/2213502.html”></iframe>