උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 12 : ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 11 පැවැත්වේ

July 20, 2020 at 11:50 AM
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 12 වෙනිදා සිට නොවැම්බර් මස 06 වෙනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය  නිවේදනය කර සිටිනවා.
ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 11 වෙනිදා පැවැත්වෙනු ලබන බවයි අද පැවති මාධ්‍ය සාකච්ජාවේදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර දෙවන පාසැල් වාර අවසන් නිවාඩුව ඔක්තෝම්බර් මස 09 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියේ.
පාසැල් සඳහා ලබාදී ඇති තාවකාලික නිවාඩු කාලයෙන් පසුව ලබන සඳුදා 11,12 සහ 13 යන ශ්‍රේණි සඳහා පාසැල් යළි ආරම්භ කරන බවත් සෙසු ශ්‍රේණි සඳහා පාසැල් ඇරඹීම අගෝස්තු 10 වෙනිදා සිදුකෙරෙන බවයි අධ්‍යාපන බලධාරීන් සඳහන් කර සිටියේ