නිදහස් පක්ෂයේ සභාපතිකමට අගමැතිට ඇරයුමක්.

July 19, 2020 at 7:17 PM

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලබා ගන්නැයි තමාට  ඇරයුමක් ඇතැයි දැනගන්නට ලැබුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අද තණමල්විල ප්‍රදේශයේ පැවැති ශ්‍රීලංකා පොදුජන පෙරමුණු රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැ වසුවා .

ශ්‍රීලංකා නිදහස් පක්ශයේ සභාපති ධූරය 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් එවක ජනපති මයිත්‍රීපාල සිරිසේන මහතාට පවරා දිණි.

වත්මන් සභාපති වරයා වන්නේ ඒ අනුව මයිත්‍රීපාල සිරිසේන මහතායි.