නාකොටික් කුඩු ජාවාරම ගැන ඔත්තුව ආ ටයිල් චමින්දගේ චෙක් පොතකින් කෝටි ගණනක කුඩු සල්ලි ගැන හෙලි වේ.

July 19, 2020 at 7:38 PM

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ටයිල් චමින්ද නමැත්තාගේ චෙක් පොත පොලීසිය අද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කලේය.

එහි තිබී කෝටියක මුදල් හුවමාරුවකට ලියූ චෙක් පතක්ද හමුව තිබේ.

චෙක් පොතේ මුලු ගණුදෙනු වල වටිනාකම රු . කෝටි 37 කට අධිකය.

ටයිල් චමින්ද නමැත්තා ගෙන් හෙලිවූ තොරතුරු අනුවයි පොලිස් නාකොටික් මත්ද්‍රව්‍ය ජාවාරම ගැනත් තොරතුරු හෙළි වූයේ.

මේ අතර මත් ජාවාරම් කරුවන් සිය ලක්ශ ගණන් මුදල් සරසවි සිසුන්ගේ ගිණුම් වල තැන්පත් කරන බවද හෙළිවී ඇත.

සරසවි සිසුන් පිරිසක් මේගැන පොලීසියට දන්වා ඇත්තේ ඔවුන් එම ගිනුම් වෙනුවෙන් දීමනාවක් තමන්ට ගෙවන බවයි.

ජාවාරම් කරුවන්ගේ උපදෙස්  මත අදාල ගිනුම් වලින් ඊසි කෑශ් ක්‍රමයට මුදල් යවන බව ඔවුන් පොලීසියට පවසා ඇත.

මේ බව හෙලි වූයේ නීති විරෝධී වත්කම් පිලිබඳ සොයාබලන විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීම ගැන අද පැවැති ප්‍රවෘත්ති සාසාකච්ඡාවේදී ය.