හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයේ 13ක් ස්වයං නිරෝධානයේ

July 19, 2020 at 1:13 PM


හිඟුරක්ගොඩ මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ සියලු නිලධාරීන් ස්වයං නිරෝධානය ලක් කිරීමට තීරණය කර තිබේ.

හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පී එන් කේ නිල්මිණී පැවසුවේ හිගුරක්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දහදෙනකු සහ නිලධාරිනියන් තුන් දෙනෙකු මෙලෙස නිරෝධානයට ලක් කර තිබෙන බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියෙකු හිඟුරක්ගොඩ මාරසිංහ වත්ත ප්‍රදේශයේ දී කොරෝනා රෝගියෙකු ලෙස තහවුරු වීම ඔවුන් මෙලෙස නිරෝධානයට ලක් කිරීමට හේතු වී තිබේ.(ලංකාදීප පුවත්පත)