නිරෝධායනයට ගිය හමුදා නිලධාරියාගේ නිවසට සොරු පනී

July 19, 2020 at 1:20 PM

කන්දකාඩු කඳවුරේ සිටියදි කොරෝනා ආසාධිත බවට හදුනාගත් හමුදා නිලධාරි උපදේශක සුසිල් කුමාර දුනුකාරගේ තලවතුරේ පිහිටි නිවස සොරුන් විසින් කඩා බිද දමා ඇති බව දවුලගල පොලිසිය පවසනවා.

සොරුන් විසින් නිවසේ තිබු රූපවාහිනි යන්ත්‍රයක්,අමිපිලෆයර් එකක් සහ ඩී වී ඩී යන්ත්‍රයක් සොරා ගොස් ඇති බවත් සොරුන් විසින් කාමරයේ .තිබු අල්මාරියද අවුස්සා ඇති බවද  දැන ගත් සොහොයුරෙකු මේ බව නිරෝධායනය වෙමින් සිටි හමුදා නිලධාරියට පවසා මේ සම්බන්ධව දවුලගල පොලීසියට පැමිණිලි කර ඇත.

ඊයේ (18) දින නිවස වසා දමා ඇති හෙයින් නිවස තුළ ඇති විසුතුරු මසුන්ට ආහාර දමන ලෙස  නිරෝධායන මධ්‍යස්ථානයේ සිට දුරකථන ඇමතුමක බිරිදගේ සහෝදරයකට ලබා දි ඇති අතර සහෝදරයා අද නිවස දෙසට යන විට පිටිපස දොර කඩා විවෘත කර ඇති අතර ජනේලයද කඩා කාමරයේ අල්මාරියද අවුස්සා ඇති බව පොලිසියට පවසා ඇත.

මේ වන විට සොරකම් කර භාණ්ඩ පිළිබදව නිවරදි තොරතුරක් ලැබි නැති බවත් නිවසින් නිරෝධායනය සඳහා පිටත් වන විට නිවසට ආරක්ෂාව සපයන ලෙස තමන් පොලීසියෙන් ඉල්ලා සිට බවද සුසිල් කුමාර සඳහන් කරනවා.