App මිලියන ගණනකට ප්‍රවේශ වෙන්න දැන් Huawei වෙතින් නවතම Petal Search පහසුකම

July 15, 2020 at 11:41 AM

ලෝක ප්‍රසිද්ධ අන්තර්ජාල සෙවුම් පහසුකම ලබාදෙන ප්‍රධාන පෙලේ ආයතන සමඟ එකතුව HUAWEI සමාගම විසින් “Petal Search“ ලෙස ඇප් මිලියන ගණනාවකින් පාරිභෝගිකයන්ට අවශ්‍යයම සහ ගැලපෙනම ඇප් ලබාගැනීමේ විශේෂ පහසුකමක් නිර්මාණය කර තිබෙනවා.මේ අනුව තම HMS ඩිවයිස් සඳහා HUAWEI පරිශීලකයන්ට පෙරටත් වඩා පහසුවෙන් ඇප් භාගත කර ගැනීමේ හැකියාව ලැබි තිබෙනවා.මේ නවතම සෙවුම් ක්‍රමයේ අනෙක් විශේෂත්වය වන්නේ එය ජංගම දුරකථනයේ Home Screen එක තුල සිටම ක්‍රියාත්මක කල හැකියි වීමයි.

එමෙන්ම අවශ්‍ය ඇප් සර්ච් කිරීමට ඇති හැකියාවට අමතරව Petal Search මඟින් පරීශිලකයන්ට ගැලපෙන ඇප් ස්වයංක්‍රීයව නිර්දේශ කිරීම,ඇප් බාගත කිරීම් සහ නව updates කලමනාකරණය කිරීම යන මූලික කරුණු ඉටුකරයි.තවද දිනපතා කාලගුණික තොරතුරු ලබාදීම, ප්‍රධාන ප්‍රවෘත්ති ලබාදීම,සජීවීව ක්‍රීඩා ප්‍රතිඵල සහ කාලසටහන් ලබාදීම වැනි කරුණු වලට අමතරව විඩීයෝ,පින්තූර සහ ගීත සර්ච් කිරීම සඳහාත් Petal Search පහසුකම ඔස්සේ අවකාශ සලසා ඇත.

මෙම සුවිශේෂී පහසුකම ලබාගැනීමට පෙර පරිශීලකයන් විසින් Huawei App Gallery හරහා Petal Search ඇප් එක භාගත කරගත යුතුයි.පසුව Home Screen එකට ගොස් එහි ස්ක්‍රීන් එක ප්‍රෙස් කර සුලු වෙලාවක් තබාගෙන සිටීමෙන් හෝ ඇඟිලි දෙකකින් එක වර pinch කිරීම තුලින් අලුතින් widget එකතු කිරීමේ මෙනුවට පිවිස, එම widget මෙනුවෙන් වමට හා දකුණට scroll කර, Petal Search නම් widget එක ටච් කර , ජංගම දුරකථනයේ Home Screen එක තුල සිටම ක්‍රියාත්මක කල හැකි Petal Search ඇප් සෙවුම් බාර් එක පරිශීලකයන්ට ලබාගත හැකියි. එය සිදු කරන ආකාරය පහල විඩීයෝවෙන්ද වඩාත් හොඳින් අවබෝධ කරගත හැකියි

මෙසේ Home Screen එකට Petal Search Widget එක ඇතුලත් කරගත් පසුව පරිශීලකයෙක් Petal Search බාර් එක ටච් කල විට ක්ෂණිකව අවශ්‍ය ඇප් එකේ නම ටයිප් කිරීමට අවස්ථාව ලැබේ.මෙහිදී පරිශීලකයා ඇතුලත් කරන ඇප් එක මේ වනවිට Huawei App Gallery හි තිබේ නම් එසැනින් පහත රූපයේ දක්වා ඇති ආකාරයට එම ඇප් එක බාගත කර ගැනීමේ හැකියාව ලැබේ.

නමුත් පරීශීලකයා සොයන ඇප් එක Huawei App Gallery හි නොමැති නම් එම ඇප් එකෙහි නිල වෙබ් අඩවියකින් එය ලබාගැනිමේ හැකියාවත් HUAWEI සමාගම තම පාරිභෝගිකයන්ට ලබාදී තිබීම පැසසිය යුතුම කාරණයකි. උදාහරණයක් ලෙස පහලින් දක්වා ඇත්තේ WhatsApp ඇප් එක WhatsApp නිල වෙබ් අඩවියෙන් භාගත කරගන්නා ආකාරයයි.

Source – www.huaweicentral.com

මීට අමතරව ඇප් update කිරීම සඳහා පහත අයුරින් Petal Search පහසුකම භාවිතා කල හැකියි.මෙහිදී අදාල ඇප් එකේ නම සර්ච් කර එම ඇප් එක ඉදිරියේ ඇති Update බොත්තම ක්ලික් කර හෝ “me” ක්ලික් කර එහි ඇති “download” යන්න ක්ලික් කර ලැබෙන ලිස්ට් එකෙන් අවශ්‍ය ඇප් එකට අදාල update බොත්තම ක්ලික් කිරීමෙන්ද පරිශීලකයන්ට කැමති පරිදි ඇප් Update කරගත හැකියි

මේ වන විට Petal Search ඇප් එක භාශා 40ක් සඳහා සහය දක්වන අතර රටවල් 45ක් තුල ව්‍යාප්තව පවතී.එසේම Petal Search පහසුකම දැනට ලෝකයේ තෙවන විශාලතම ඇප් වෙලඳපල වන “Huawei App Gallery“ සමඟ ක්‍රියාත්මක වන නිසාත් එ සමඟම ලොකයේ ප්‍රසිද්ධ ඇප් වෙලඳපලවල් සමඟ සහසම්බන්ධව ක්‍රියාත්මක වන නිසාත් කෙටිකලකින් සියලු පරිශීලකයන්ගේ නොමඳ ආදරයට පත්වන බව නොඅනුමානයි .