4 + 64GB මෙමරිය සහිත Huawei Y6P සමඟින් හුවාවේ සමාගමෙන් නවතම පෙරළියක්

July 10, 2020 at 6:55 PM

By : Newswire Tech Blogger

ජංගම දුරකථන ලොවේ නව පෙරළියක් ඇති කරමින්,තම තරඟකරුවන්ට පෙර නව තාක්ශනය ලොවට හඳුන්වාදී තම පාරිභෝගිකයන්ගේ තෘප්තිය ඉහල නංවාලන හුවාවේ සමාගම මෙවර 4GB RAM එකක් සහ 64GB ROM එකක් ඇති පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට Huawei Y6P දුරකථනය ශ්‍රී ලාංකේය වෙලඳපලට හඳුන්වා දී තිබෙනවා.එමෙන්ම මෙහි ඇති 64GB ROM එක මඟින් හුවාවේ පාරිභෝගිකයන් හට දුරකථන මෙහෙයුම් පද්ධතිය සඳහා වෙන්වු කොටස රහිතව 55GB දක්වා තම පින්තූර ,වීඩියෝ , ඇප්ස් සහ වෙනත් ඩිජිටල් දත්ත ගබඩා කිරීමේ පහසුකම් ලැබි තිබෙනවා.තවද මෙහි ඇති 4GB RAM එක නිසා කිසිදු ප්‍රමාදයකින් හෝ අවහිරයකින් තොරව එක විට කාර්යයන් කිහිපයක් කිරීමටද Huawei Y6P භාවිතා කරන පාරිභොගිකයන්ට අවස්ථාව උදාවෙනවා.

තවද Huawei Y6P ජංගම දුරකථනය අඟල් 6.3ක අති සුපැදිලි පුලුල් තීරයකින් සමන්විත අතර 5000mAh ධාරිතාවයක් ඇති එක වරක් චාර්ජ් කිරීමේන් ඉතා දිගු වෙලාවක් භාවිතා කල හැකි බැටරියකින්ද සමන්විතයි.දැනට phantom purple, emerald green සහ midnight black යන පැහැයන්ගෙන් රු.30,499ක් වැනි ඉතා වාසිදායක මුදලකට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට Huawei Y6P ජංගම දුරකථනය අලෙවි නියෝජිතයන්ගෙන් ලබාගත හැකියි.

 

මීට අමතරව Huawei Y6P ජංගම දුරකථනය ලොව තෙවන විශාලතම ඇප් වෙලඳපල වන “Huawei app gallery“ සමඟ නිල වශයෙන් නිකුත් කර තිබීම නිසා පාරිභෝගිකයන්ට කිසිදු ගැටලුවකින් තොරව එදිනෙදා තමන්ට අවශ්‍යය ඇප් සහ විඩීයෝ ක්‍රීඩා පහසුවෙන්ම භාගත කරගැනීමට අවස්ථාව ලැබි තිබෙනවා.උදාහරණයක් ලෙස ලොව වටා විශාල පරිශිලකයන් ප්‍රමාණයක් භාවිතා කරන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රැම්,ටික්ටොක්,වට්සැප් සහ මැසෙන්ජර් වැනි ඇප් ඔබට ඉතා පහසුවෙන් “Huawei app gallery“ මාර්ගයෙන් භාගත කර ගත හැකියි.මීට අමතරව “Huawei app gallery“ හි නොමැති ඇප් ලබාගැනීමටත් හුවාවේ සමාගම “Petal search“ නම් නවතම ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා.

Source – https://www.phonearena.com/news/new-huawei-search-engine-allows-users-to-install-us-developed-apps_id124813

 

මෙම “Petal search“ ඇප් එක පාරිභෝගික ඔබට “Huawei app gallery“ තුලින්ම භාගත කර ගත හැකියි. එහිදි “Petal search“ ඇප් එක මඟින් ලොව පුරා ඇති විශාලතම ඇප් වෙලඳපලවල් වලින් ඔබේ ජංගම දුරකථනයට වඩාත්ම ගැලපෙන ඇප් නිර්දේශ කිරීමක් කරනු ලබන අතර එමඟින් කැමති ඇප් එකක් ඔබට භාගත කරගැනීමටද අවස්ථාව හිමිවෙනවා.

 

පහත පෙන්වා ඇත්තේ “Huawei app gallery“ භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත Viber ඇප් එක පහසුවෙන් භාගත කරගන්නා ආකාරයයි.

මීලඟට දක්වා ඇත්තේ “Huawei app gallery“ තුලින් Facebook ඇප් එක භාගත කරගන්නා ආකාරයයි.එහිදී ඔබ පෙරදි මෙන්ම “Huawei app gallery“ හි සර්ච් කල විට පිළිවෙලින් ඔබට Facebook හි නිල වෙබ් අඩවියෙන්ම එම ඇප් ලබාගත හැකියි.මේ ආකාරයට “Huawei app gallery“ හරහා සෘජුව බාගත කර ගත නොහැකි ඇප් සඳහා එම ඇප් වල නිල පිටුවලින්ම භාගත කරගැනීමට පරීශීලකයන් යොමුකිරීම සිදුවෙනවා.නමුත් මෙම ක්‍රමය දැනට ඇත්තේ ඇප් කිහිපයක පමණක් නිසා විශාල ඇප් ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට “Huawei app gallery“ හරහා සෘජුවම භාගත කර ගැනීමට අවස්ථාව ලැබි තිබෙනවා.

 

මීට අමතරව  “Petal search“ ඇප් එක භාගත කරගත් විට පහල රූපයේ දක්වා ඇති ආකාරයට ලෝකයේ විශාලතම ඇප් වෙලඳපලවල් වලින්  “Huawei app gallery“ යෙන් ලබාගත නොහැකි ඇප් භාගත කර ගැනීමට හුවාවේ පාරිභොගිකයන්ට අවස්ථාව ලැබෙනවා.එහිදි  “Petal search“ ඇප් එක තුල ඉහලම ඇති සර්ච් බාර් එකේ පරිශීලකයාට අවශ්‍ය ඇප් එකේ නම සඳහන් කල විට එය භාගත කරගත හැකි විශ්වාසනීය සහ ආරක්ෂිත නිර්දේශ ලබාදීමක් සිදුවෙනවා.මීට අමතරව widget එකක් ආකාරයට මේ සර්ච් බාර් එක පාරිභෝගිකයාගේ හෝම් ස්ක්‍රීන් එකට ලබාගෙන එයින් සෘජුවම ඇප් සර්ච් කිරීමේ හැකියාවද ලබාදී තිබෙනවා.

 

Source – https://www.huaweicentral.com/how-to-install-apps-using-peta-search/

 

මීට අමතරව ශ්‍රී ලාංකිකයන් භාවිතා කරන සියලූම ඇප් කිසිදු අවහිරතාවයකින් තොරව ඉතා පහසුවෙන් භාගත කරගැනිමේ හැකියාව හූවාවේ සමාගම පාරිභෝගිකයන්ට ලබාදී ඇති අතර Huawei app gallery සඳහා මේ වෙනවිට දිනෙන් දින ඇප් විශාල සංඛ්‍යාවක් එකතුවෙමින් තිබෙන නිසා ඉතා නුදුරේදී ලොව අංක එකේ ඇප් වෙලඳපල බවට Huawei app gallery පත්වනු ඇති බවට සැමගේ මතයයි.