“බබූන්” STF අත්අඩංගුවට

July 7, 2020 at 9:03 AM

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ක්‍රිෂාන් නිලංග දාබරේ හෙවත් “බබූන්” නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරොයින් ග්‍රෑම් 3.120ක් සන්තකයේ තබාගෙන සිටියදී අතුරුගිරියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අවුරුදු 26ක් වන සැකකරු පිළිබඳව කළ විමර්ශනවලදී ඔහු මනුෂ්‍ය ඝාතන කිහිපයකට අදාළ ප්‍රධාන සැකකරුවෙක් බවට අණාවරණය වී තිබේ.

මොහු දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් බවටද තොරතුරු අණාවරණය කර ගෙන තිබේ.