නාකොටික් IP කඩවත පොලිසියට භාරවෙයි

July 7, 2020 at 12:04 PM

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍යව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියා පොලිසියට භාරවී තිබෙනවා.

පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර නැමති එම නිලධාරියා කඩවත පොලිසියට භාර වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ.

මෙම සැකකාර පොලිස් පරික්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.