කටාර් හිදී ගෙල සිද මරා දැමූ පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටිනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇති පිරිමි පුද්ගලයා (පියා) ගේ වයස අවුරුදු 59ක් වන අතර කාන්තාවගේ (මව) වයස අවුරුදු 55ක් වනවා. ඝාතනයට ලක්ව ඇති අනෙක් තැනැත්තිය එම යුවලගේ 34 හැවිරිදි වියේ පසුවන දියණිය බවයි වාර්තා වන්නේ. මෙම පිරිස කැළණිය, බියගම පාරේ පදිංචිකරුවන් පිරිසක් වනවා.
මෙම පුද්ගලයින් තිදෙනා දරුණු අයුරින් කපා කොටා පසුව ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ එවා තිබු ලිපි ලේඛන වලින් අනාවරණය වූ බවයි ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව කියන පවුලේ තවත් දියණියක් මෙරට ජිවත් වන අතර ඇය කියා සිටියේ සිය පවුලේ සාමාජිකයින්ව මිට මාස 04 කට පෙර තියුණු ආයුධ වලින කපා කොටා ඝාතනය කර ඇති බවට දැනුම් දුන් බවයි. එමෙන්ම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙලෙස ඝාතනයට ලක්වුවන්ගේ මළ සිරුරූ දිවයිනට එවීම ප්‍රමාද වී තිබෙනවා.
මෙම අපරාධය සිදුකර ඇත්තේ ශ්‍රී ලාංකිකයෙක් බවයි දැනට සැකපළ වී ඇත්තේ.
මේ අතර එම ගුවන් යානයෙන් තවත් මළ සිරුරූ 04ක් මෙරටට රැගෙනවිත් ඇති අතර, ඔවුන් විවිධ සොබාවික හේතුන් මත මියගොස් ඇති පුද්ගලයින් බවට අනාවරණයවී තිබෙනවා.
