පියා වෙනුවට පුතා රැගෙන ගිය පොලිසිය

June 6, 2020 at 1:41 PM

පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය පැමිණීමේදී ඔහු නිවසේ නොසිටීම නිසා වයස අවුරුදු 14ක් වූ ඔහුගේ දරුවා පොලීසියට රැගෙන යාමේ සිදුවීමක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කිසියම් පිරිසක් විසින් සොරකම් කරන ලද බව කියන කුරුඳු තොගයක් මිලදී ගත් මෙම පුද්ගලයා පොලිසිය පැමිණ ඇති අතර ඔහු නිවසේ නොසිටීම හේතුවෙන් එම නිලධාරින් විසින් අදාළ පුද්ගලයාගේ දරුවා එලෙස පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය පිලිබඳ වාර්තා වීමත් සමග අදාළ පුද්ගලයා පොලිසියට ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව පොලිස් භාරයේ සිටි දරුවාව මුදා හැරිමට පොලිසිය විසින් පියවර ගෙන තිබුණ බවයි වාර්තා වන්නේ.