ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට අනිද්දා සිට මහජන බැංකුවෙන් මුදල්

June 5, 2020 at 10:46 AM

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පතුකරුවන්ට මුදල් ගෙවීම ලබන ඉරිදා (07) සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 60 කින් සිදු කිරීමට අවශ්‍ය විධි විධාන සලසා ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

ද ෆිනෑන්ස් ශාඛා පිහිටා තිබු නගරයන්හි ආසන්නතම මහජන බැංකු ශාඛා මගින් මෙම ගෙවීම් සිදු කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

තැන්පත්කරුවන් 93%කගේ පමණ ගැටළු විසඳෙන අතර වැඩිපුර මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ මුදල්ද ඉදිරියේදී ගෙවීමට කටයුතු කරන බව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ කියා සිටියා.

මූල්‍ය ආයතනයන්හි මුදල් තැන්පත්කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 06ක් දක්වා පමණක් බවත් මේ පිළිබඳවද අවධානය ඇතිව ජනතාව තම මුදල් තැන්පත් කරන ලෙස අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කර සිටියා.