අනිද්දා පුහුණු මැතිවරණයක්

June 5, 2020 at 10:00 AM
මහ මැතිවරණයට අදාළව තෝරා ගත් ගම්මානයක පුහුණු මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
මෙම පුහුණු මැතිවරණය ලබන ඉරිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
කොවිඩ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණයක් පැවැත්වීම සඳහා ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවට අනුව එම කටයුතු සිදු කරන අයුරු ලබන ඉරිදා පැවැත්වෙන පුහුණු මැතිවරණයේදී අත්හදා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.