සවස 3 වන විට කොරෝනා අසාධිතයින් 33ක් : රෝගීන් ගැන තොරතුරු මෙන්න

June 4, 2020 at 4:14 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1782ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

අද දිනයේ සවස 3.15 වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 33 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කලේ මෙලෙස වාර්තා වූ රෝගීන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 835ක් වනවා.