පොලිසිය අතින් ඝාතනය වු ජෝර්ජ් ෆ්ලොයිඩ්ට කොරෝනා වැළදිලා

June 4, 2020 at 12:02 PM

මිට සතියකට පමණ පෙරදී ඉතා අමානුෂීය ලෙස ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් කොරෝනා වෛරසය ආසාදිතව සිටි බවට හෙළිව තිබෙනවා.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 03 වෙනිදා ජෝර්ජ් ෆ්ලොයිඩ් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිව තිබුණත් ඔහුට රෝග ලක්ෂණ පෙන්නුම් කර නොතිබූ බවයි.

කෙසේ වුවත් ජෝර්ජ් ෆ්ලොයිඩ් මියගොස් ඇත්තේ ඔහු පොලිස් අත්අඩංගුවේ පසුව සිටියදී ඇතිව තිබෙන හෘදයාබාධයකින් බවයි සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ.