තොණ්ඩමන්ගේ අවමංගල්‍ය ආවරණය කළ මාධ්‍යවේදියාට කොරෝනා නැහැ

June 4, 2020 at 12:13 PM

හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවය ආවරණය කළ මාධ්‍යවේදියාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා.

දිඹුල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙක් හට කොරෝනා රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඔහුව සහ ඔහුගේ ආශ්‍රිතයින් දෙදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කරනු ලැබුවා.

එලෙස ස්වයං නිරෝධායනයට ලක් කළ මාධ්‍යවේදියාගේ PCR පරීක්ෂණය සිදුකළ අතර එහිදී ලද වාර්තා අනුව ඔහුට වෛරසය වැලදී නොමැති බවට තහවුරුවී තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් තවදුරටත් නිරෝධනයට ලක් කරන බවයි වාර්තා වන්නේ.