කොවිඩ් 19 මර්දන කමිටුවේදී ජනාධිපතිවරයා ගත් තීරණ 05

June 4, 2020 at 5:01 PM

කොවිඩ් 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂ වෛද්‍යවරුන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ විශේෂ සාකච්ජාවක් පවත්වනු ලැබුවා. එහිදී විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටියේ.

එහිදී පහත සඳහන් තීරණ ගෙන තිබෙනවා.

1). විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයයට භාජනය කොට එම ප්‍රථිපල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන පසු නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීම.

2). ආගාමන පටිපාටියට පෙර පරීක්ෂණ ප්‍රථිපල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට එම පිරිස යොමු කොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම.

3). PCR ප්‍රථිපල කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට තීරණය කිරීම.

4). විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම PCR පරීක්ෂණයට යොමුකිරීමට හා එය රජයේ ඝෘජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව සොයා බැලීම.

5). මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිම, යන තීරණ මෙහිදී ගෙන තිබෙනවා.

එමෙන්ම එතෙර සිට විශේෂයෙන් මැද පෙරදිග සිට සිය රට එන පිරිස් PCR පරීක්ෂණයට භාජන කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් අද පැවති රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ජා කොට ඇත.