සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

June 3, 2020 at 11:19 AM

රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභ හානි සිදුකිරීම සහ හිමිකරුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකුරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 29 වැනිදා අලුයම් කාලයේ සිදු වූ මෙම සිද්ධියට සම්බන්ධ මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (02) සවස් කාලයේ හෙරොයින් ද සන්තකව තිබියදී බවයි පොලිසිය සඳහන් කලේ.