සුරක්ෂිත සමාජයක් උදෙසා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලයක් පත් කරයි

June 3, 2020 at 10:25 AM

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට ඇති පරිදි ජාතික ආරක්ෂාවට මුල් තැන ලබාදීමත් සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් බිහි කිරිම උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර ගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න පත් කොට තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ඩි.එම්.එස්. දිසානායක එම කාර්ය සාධක බලකායේ ලේකම්වරයා ලෙස පත් කොට තිබෙනවා.