කොරෝනා රෝගීන් 40ක් වාර්තා වෙයි

June 3, 2020 at 8:04 AM
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඊයේ (02) දිනයේදී මෙරටින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කලේ.
මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටින රෝගීන් සංඛ්‍යාව 849ක් වන අතර සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 823ක් වනවා.
ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් ගෙන් 32ක් විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවික හමුදා ආශ්‍රිතයෙක් ද වනවා.
සෙසු ආසාදිතයින් 07 දෙනා නාවික හමුදා නිලධාරින් බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කර සිටියේ.